RTI

ලක්ෂ්මන් කිරිඇල්ලගේ අමාත්‍යාංශ සේවකයින් 03ක් අත්අඩංගුවට

02. 05. 2019 | 9.10pm
Change සිංහල | தமிழ் | English
ලක්ෂ්මන් කිරිඇල්ලගේ අමාත්‍යාංශ සේවකයින් 03ක් අත්අඩංගුවට

ජාතීන් අතර අසමගිය ඇතිවන ආකාරයෙන් සහ ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතාට එරෙහිව සැකසූ ලිපි 600ක් සමග සැකපිට එජාප ප්‍රබල ඇමතිවරයෙකුගේ සේවකයින් තිදෙනකු අද(02) අත්අඩංගුවට ගෙන තිබේ.අදාළ සේවකයින් වර්තමාන ආණ්ඩුවේ ප්‍රබල අමාත්‍යවරයෙකු වන ලක්ෂ්මන් කිරිඇල්ල මහතාගේ සේවකයින් බවට වාර්තා වෙයි.

මහනුවර ප්‍රදේශයේ ඇතුළු  විහාරස්ථාන කිහිපයකට මෙම ලිපි තැපැල් කිරීමට. මෙම සැකකරුවන් කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුවට පැමිණි අවස්ථාවේදී පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබ ඇත.  රාජ්‍ය විරෝධී වචන ද මෙම ලිපිවල සඳහන්ව තිබූ බව වාර්තාවෙි.

පාස්කු ඉරිදා ප්‍රහාර වලට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට දොස් පවරමින් මෙම ලිපි සකසා ඇතැයිද සඳහන් වෙයි

Author - Staff writer
Staff writer
Make a Comment